විස්ස සම්මත කර ගැනීමෙන් ආණ්ඩුවේ සිංහල බෞද්ධ සුජාත භාවය නැතිවුණා
20 සම්මත කරගැනීමෙන් පසු ආණ්ඩුවේ සිංහල බෞද්ධ සුජාතභාවය නැති වූ බවත් ආණ්ඩුව බලයට පත් කිරිමට වැඩ කරන ලද්දේ කුඩා සිංහල සංවිධාන හා මෙරට භික්ෂුන් වහන්සේලා බවත් හෙළ බොදු සවිය සංවිධානය පවසයි.
එම සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ සඳහන් කරන්නේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ රටේ ශාසනික හා සමාජ මෙහෙවරෙ විවිධාකරයෙන් කැප වි සිටින භික්ෂුන් වහන්සේලාගේ දැඩි විරෝධයක් එල්ල කළත් ආණ්ඩුව එය ගණනකට නොගත් බවයි.
“ජනාධිපති තුමා රුවන්වැලි සෑරුදුන් අභියසදීත්, රාජාසන කතාවේ දිත් තමා කෙරහි විශ්වාසය තබා රටේ නාකත්වයට පත්කල මහා සංඝරත්නයට ද, සිංහල බෞද්ධ ජනතාවට ද අනුයෝගිව හා අනුගතව ක්‍රියා කරන බවට දෙවරක් ම මෙරටේ ජනතාවට ප්‍රතිඥා දුන්නේය. එසේම මෙරට පිළිගත් භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා ගත්තහ. එම උප දේශක සභාව කැදවිමක් හෝ 20 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය සම්බන්ධායෙන් අනුශාසනක් ලබාගෙන නොමැත.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට හා අනපනත් සමත කර ගැනිම උදෙසා සුළු ජාතික මන්ත්‍රින්ට විවිධ රජයේ වරක්ප්‍රසාද තනතුර තානාන්තර ලබා දෙන අයුරු ඉදිරියේ දි බලාගත හැක.එසේම බලගතු අධිකරණ වැනි ආමත්‍යංශයක් ලබා දි මුස්ලීම් මන්ත්‍රිවරුන් සම්බන්ධ කරගනිමින් ඇත. එබැවින් අදවන විට සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු එකින් එක බිද හෙළමින් ඇත.
ජන්දයට පෙර මෙම ආණ්ඩුවේ බොහෝ අය කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රිවරුන් කිසි දිනක අනපත් සම්මත කරගැනීමට යොදා නොගන්නා බවයි. යොදා ගන්නා දවසට තමන් මෙම අණ්ඩුව සමග එක විනාඩියක් ගත නොකරන බව දැඩි ස්වරයෙන් කියා සිටිහ. එබැවින් මෙම ආණ්ඩුව ද සිංහල බෞද්ධ ජනතාවගේ ඒ අහිංසක බලාපොරොතු බිද දමා සුළු ජාතින්ගේ අනුහසින් ඉදිරියට යමින් ඇත.” යැයි එම නිවේදනයේ දැක්වෙයි.

popular news
-
Demuni Uduwara Friday, 23 October 2020 09:59 PM
Nominal Sinhala-Buddhist govt.
Reply : 1 1
janahitha Saturday, 24 October 2020 04:25 PM
sirikotha nikaya saha javipe nikayata 20 prashnayak namuth 18 prashnayak une naha
Reply : 1 0
නෙවිල් පෙරේරා Sunday, 25 October 2020 11:00 AM
සියලු ආගම් සහ ජාතින්ට එකම ව්‍යවස්ථාවක් කිසිම ආගමකට හෝ ජාතියකට විශේෂයක් නොවන සමබර ව්‍යවස්ථාවක් ලබාදීමට කටයුතු කරන ලෙස කාරැනිකව ඉල්ලා සිටිමි .
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

